දිවුලපිටියේ අනාගත සන්නීවේදන පරපුරක් උදෙසා වන මාධ්‍ය වැඩමුළුව

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මකවන  ළමා සමාජවල දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනය කිරිම උදෙසා අනාගත සන්නිවේදන පරපුරක් සඳහා මාධ්‍ය වැඩමුළුවක් 2025.09.14 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල්  දමයන්ති කුමාරි මහත්මියගේ  උපදෙස් හා යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ත්‍රිෂාන්ති කුලතිලක මිය විසින් සංවිධානය කරන ලදි. මෙම වැඩමුළුව සඳහා සිරස රූපවාහිණී ප්‍රවෘත්ති  නිෂ්පාදක මොහාන් කහටපිටිය මහතා  සහ  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  සහ ජාතික රූපවාහිණී සංස්ථාවේ දිවුලපිටිය ප්‍රාදේශීය තරුණ වාර්තාකරු, නිවේදක අයි.එම්.වාසිත හර්ෂණ මහතා විසින් සම්පත් දායකත්වය  ලබා දෙන ලදි.

දරුවන් තුළ සන්නිවේදන කුසලතාවය දියුණු කිරිම තුළින් අනාගත දිවිය සාර්ථක කර ගැනීමට සහයෝගයක් ලබා දීමේ අරමුණු පෙරදැරිව පැවැත් වූ මෙම වැඩසටහන අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතය. සන්නීවේදනය පිළිබඳ න්‍යායාත්මකව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත මෙම වැඩසටහන සඳහා බප මිනු/ කටුවැල්ලේගම මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය පී. ඤාණෝභාෂි හිමි, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල්  දමයන්ති කුමාරි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂාණී කරුණාරත්න මිය, දිවුලපිටිය ග්‍රාම නිලධාරි ආර්.ජේ. විජේසිංහ මයා  සහ ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි නිලධාරින් ද සහභාගි විය.

0 2          3       4         5         6  7  8

News & Events

02
செப்2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ஜூலை2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

குடியுரிமை சாசனம்

Scroll To Top