දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දරුවන් පාසල් ගත කිරිම සදහා වන නැණ අරුණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2025.05.24

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දරුවන් පාසල් ගත කිරිම සදහා වන නැණ අරුණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය පසුගිය (24 දා) දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවැත්වුණි.

දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ අරමුණින් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ක්‍රිෂාන්ති කුලතිලක මහත්මිය ඇතුළු ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලදී.

WhatsApp Image 2025 05 27 at 11.00.18      WhatsApp Image 2025 05 27 at 11.00.19 1     WhatsApp Image 2025 05 27 at 11.00.23 1

 

WhatsApp Image 2025 05 27 at 11.00.20     WhatsApp Image 2025 05 27 at 11.00.21     WhatsApp Image 2025 05 27 at 11.00.22 1   

 

 

  

WhatsApp Image 2025 05 27 at 11.00.21 1      WhatsApp Image 2025 05 27 at 11.00.20 1

 

 

 

 

"වියපත් අපට - සතුටු ලොවක්" යන්න තේමා කොට ගනිමින් "වියසරණිය" මැයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි ප්‍රජාව මුල් කොට ගනිමින් වැඩිහිටි සැමරුම් උත්සවයක් පසුගිය 24දා දිවුලපිටිය සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී වැඩිහිටියන් වෙනුවෙන් පැවති දිස්ත්‍රික් තරගවලින් ජයගත් ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග හා සහතිකපත් බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුව මගින් පිරිනමන ලද අතර සෑම වැඩිහිටි සමිතියක් වෙනුවෙන් ම ලිපි ද්‍රව්‍ය කට්ටලය බැගින් වැඩිහිටි බල මණ්ඩලය විසින් ප්‍රදානය කරන ලදී.

නැටුම්, ගැයුම් හා වැයුම්වලින් අලංකාරවත් වූ මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස දිවුලපිටිය සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේ අධිපති නාලක දේශප්‍රිය මහතා හා එම මහත්මිය සහභාගි වූහ. මේ උත්සවය සංවිධානය කරන ලද්දේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරි සුනිමල් ද සිල්වා, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඉෂානි, සංවර්ධන නිලධාරී (බ.ප) තනූජා බාලසූරිය හා දිවුලපිටිය වැඩිහිටිබල මණ්ඩලය විසිනි.

දිවුලපිටිය 'මනුදම් තුරු උයන' ව්‍යාපෘතිය අරඹයි

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයකට අනුව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව් .එම්.ඩී. කුමාරි මහත්මියගේ  මාර්ගෝපදේශකත්වය යටතේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ " Green Team" ඒකකය සහ 85ඒ පින්නකැලේ , 85 බී හපුගහගම , 85 සී පින්නකැලේ දකුණ ග්‍රාම නිලධාරී වසම්වල ළමා සමාජ හා සුබපතන්නන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන " මනුදම් තුරු උයන " ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණි.

පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම, ප්‍රදේශයේ තුරු ගහනය වර්ධනය කිරීම , ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හා දරුවන් තුළ පරිසරය කෙරෙහි ඇල්මක් ජනිත කරවමින් පරිසර හිතකාමී දරු පරපුරක් බිහිකිරීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු වේ.මේ අනුව පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයට යාබදව පිහිටි අක්කර 02ක පමණ ඉඩමක අඹ, දිවුල්, රඹුටන් , බෙලි, දූරියන් , කාමරංගා, අනෝදා, දොඩම් ආදී පලතුරු පැළ හා උද්‍යානය වටා පුවක් පැළත් කොස් පැළත් රෝපණය කිරීම සිදු කෙරීය.

පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති පූජ්‍ය වෙනිවැල්පිටියේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරාධිත අමුත්තන් හා දරුවන් 75 දෙනෙකු විසින් පැළ රෝපණය කරන ලද අතර උද්‍යානයේ සියලු පැළ ඒ ඒ දරුවන්ගේ අයිතියට පත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි.රුක් රෝපණයෙන් අනතුරුව ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ මදුශංක හෙට්ටිආරච්චි මහතාගේ සම්පත් දායකත්වයෙන් "තිරසර සංවර්ධනය සඳහා පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත්කම" පිළිබඳව දරුවන් දැනුවත් කළේය.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව් .එම්.ඩී. කුමාරි, දිවුලපිටිය පොලිසියේ ස්ථානාධිපති  චන්ද්‍රසිරි හිරියාදෙනිය,  සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) භාග්‍යා  ජයතිලක, පරිපාලන ග්‍රාම නිලධාරී වසන්ත කත්තොට, ව්‍යාපෘතියේ  ප්‍රධානතම සුබ පතන්නන් වන ජනහිත සමූහ ව්‍යාපාරයේ අධිපති රංජිත් ගුණවර්ධන, නේචර් පෝලියේජ්  ආයතන ප්‍රධානී පෙරමුණ යන මහත්ම මහත්මීන් රාජ්‍ය නිලධාරීන්, මරදගහමුල සදෙව්මා ප්‍රින්ටර්ස් අධිපතිතුමා ඇතුලු ගම්වාසීන් පිරිසක්

manudam div 1   manudam div 2   manudam div 3  manudam div 4  manudam div 5  manudam div 6  manudam div 7

දිවුලපිටිය ළමා පොකුර වැඩසටහනෙන් දරුවන්ට විවිධ ක්‍රියාකාරකම්

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා මගපෙන්වීම අනුව දරුවන් මුහුණ දෙන ගැටලු ප්‍රාථමික අවස්ථාවේදීම හඳුනාගෙන විසඳුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විඳගැනීමට අවැසි පරිසරය සියලු දරුවන්ට ලබා දීමේ අරමුණ ඇතිව ආරම්භ ‍කොට ඇති "ළමා පොකුර " වැඩසටහන් මාලාව යටතේ දිවුලපිටිය ළමා පොකුර වැඩසටහන පසුගිය 27දා දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේදී පැවැත්විණි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය එක්ව සිටියාය.දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 74ක් ආවරණය වන පරිදි තෝරාගත්  දරුවන් 146 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් ද සමගින් මෙම වැඩසටහනට  සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය විසින් එම පිරිස ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.

සංගීතාත්මක රසාස්වාදන වැඩසටහනක් , චිත්‍ර මගින් චිකිත්සාවක් හා දරුවන්ගේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා හා නර්තනයන්ගෙන් රස මැවුණු සතුටු හෝරා කීප‍යක්, ඊට සමගාමීව දෙමාපියන් දැනුවත් කිරීමක් මෙම වැඩසටහනට අන්තර්ගත වූ අතර සහභාගී වූ  සියලු දරුවන් සඳහා වටිනා තිළිණ පිළිගැන්වීම ද සිදුවිය .මේ සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද්දේ දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේ අධිපති රෝහිත ජයලත්, ජනහිත සමූහ ව්‍යාපාර අධිපති රංජිත් ගුණවර්ධන යන මහත්වරුන් සහ බඩල්ගම සීරියෝ ගාමන්ට් ආයතනය , දිවුලපිටිය ලංකා බැංකුව යන ආයතනයන් විසිනි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි, සහකාර ප්‍රාදේශීය ලේකම් චාමරී සේනාරත්න යන මහත්මීන් ඇතුලු සියලුම මාණ්ඩලික නිලධාරීන් , කාන්තා හා ළමා සංවර්ධන ඒකකයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

div cl ch 1  div cl ch 2  div cl ch 4  div cl ch 5    div cl ch 6  div cl ch 8  div cl ch 7

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා පහත සඳහන් වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. 

https://online.ebmd.rgd.gov.lk

*මෙම ලිපිනය වෙත ඇතුළු වූ පසු ඔබගේ දුරකථන අංකය තහවුරු කර ගැනීම සඳහා ලැබෙන පෝරමය පිරවීමෙන් pin අංකයක් ඔබගේ දුරකථනය වෙත ලැබෙන අතර එම pin අංකය භාවිතයෙන් සහතික පිටපත් ලබා ගැනීමේ පෝරමය පිරවීම සඳහා ඔබට අවස්ථාව හිමිවේ..

* එහිදී ඔබට අවශ්‍ය සහතික වර්ගය හා ඊට අදාළ තොරතුරු ඇතුළත් කිරීමෙන් සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.. 

මෙම යෙදවුම මගින් මහජනතාවට සහතික කරන ලද උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයක් ඉල්ලුම් කිරීම හෝ තුන්වැනි පාර්ශවයකට එහි නිරවද්‍යතාවය තහවරු කරගැනීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ද්වාරය විවෘත වේ. මෙම පහසුකම සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවන්ගෙන් ලබාගත හැක.

News & Events

02
செப்2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ஜூலை2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

குடியுரிமை சாசனம்

Scroll To Top