පොසොන් සැදැහැ ගී සරණීය"----------
පොසොන් පොහොය නිමිත්තෙන් දිවුලපිටිය ප්‍රාදේශයේ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන එක්ව "පොසොන් සැදැහැ ගී සරණීය" බැති ගී ප්‍රසංගය 2026/06/24 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යංශය සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන් සිදු කරන ලද මෙම වැඩසටහන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ මගපෙන්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් තමාලි අමරසිංහ මහත්මියගේ අධීක්ෂණ යටතේ සිදු කරන ලදී.
දිවුලපිටිය රාජ්‍ය ආයතන ඒකාබද්ධව බැති ගී ප්‍රසංගය සඳහා ගායක කණ්ඩායම් ඉදිරිපත් කර තිබූ අතර මේ සඳහා ස්වේච්ඡා සංවිධානවල ගායක කණ්ඩායම් ද ඉදිරිපත් ව සිටියහ. වැඩසටහනේ සම්බන්ධීකාරක වශයෙන් බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරි දිල්හානී පද්මසිරි මහත්මිය කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා එල්ලේ තරගාවලියක්
ජාත්‍යන්තර කාන්තා දිනය -2026 ට සමගාමිව දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිවුලපිටිය කාන්තා කාර්යාංශ බලමණ්ලය එක්ව සංවිධානය කළ එල්ලේ තරගාවලිය 2026.03.14 සෙනසුරාදා දින දිවුලපිටිය ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගනයේදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ප්‍රාදේශිය ලේකම්තුමියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය එල්ලේ කණ්ඩායමද ඇතුළුව වසම් නියෝජනය කරමින් කාන්තා එල්ලේ කණ්ඩායම් 18 ක් සහභාගි විය.
ඝූරතාවය කලුඅග්ගල කණ්ඩායමද අනුශූරතාවය බටහිර පල්ලියපිටිය කණ්ඩායම ද හිමිකරගත් අතර කාන්තා සංවිධානවල සමාජිකාවන්ගේ දක්ෂතා එළි දැක්වීමට මහගු අවස්ථාවක් මේ සමග උදාවිය.ත්‍යාග සදහා අනුග්‍රහය බඩල්ගම vario Systems Pvt.Ltd ආයතනය විසින් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ගරු කම්කරු අමාත්‍ය මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමා.පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මප්‍රිය විජේසිංහ මැතිතුමා ,දිවුලපිටිය ප්‍රාදේශිය සභා සභාපතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශිය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය පරිපාලන ග්‍රා.නි.තුමා, වනිතා කටයුතු නිලධාරිනිය ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සභාගී වූහ.


වෛශාක්‍ය මංගල්‍යය -2026
2026 වසරේ වෙසක් මංගල්‍යය සමරනු වස් දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල 2 විහාරස්ථානවල වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේලා පනස්නමක වැඩම කොට වදාළ පිණ්ඩපාත චාරිකාව 2026.05.27 දින අලුයම දිවුලපිටිය නගරයේදී ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්විණි. බොහෝ සැදැහැති ජනතාව මග දෙපස වීදි අතර රැදෙමින් හිමිවරුන් වෙත දන් පිළිගැන්වීමට එක්වූහ. දිවුලපිටිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ඇරඹි මෙම පිණ්ඩපාත චාරිකාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය පරීශ්‍රය දක්වා ගමන් ගත් අතර අවසානයේදී සග සතු දානමය මහා පිංකමක් සිදු කරන ලදී.
දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් කුමාරි මහත්මියගේ මගපෙන්වීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් සිදුකළ මේ පිංකමට දායක වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

















