
"සතුටු ළමා ලෝකය " සෞන්දර්යාත්මක වැඩමුළුව
ලෝක ළමා දිනය වෙනුවෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් 63ක දරුවන් 1400 වෙනුවෙන් "සතුටු ළමා ලෝකය " සෞන්දර්යාත්මක වැඩමුළුව 2025.10.01 දින දිවුලපිටියේ සෙනුරි ග්‍රැන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේදී පවත්වන ලදි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත පෙර පාසල් ගුරු එකමුතුව හා ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි වසන්තා නිල්මිණී මිය සහ ළමා ඒකකයේ නිලධාරින්ගේ සෘජු දායකත්වය මත දිවුලපිටියේ සෙනුරි ග්‍රැන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාධීපති නාලක දේශප්‍රිය මහතාගේ අනුග්‍රහය තුළින් මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරිණි.
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය, සංගීත විශාරද නයනා දමයන්ති මහත්මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මරදගහමුල මහජන බැංකුව මගින් දරුවන් කුඩා කළ සිටම ඉතිරි කිරිම් සඳහා පුරුදු කරවීමට කැට ලබා දෙන ලදි. දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එම්.ජේ.විකුම් තිලක මහතා, දිස්ත්‍රික් මුල්ළමාවිය සංවර්ධන නිලධාරි අචලා ජයසිංහ මහත්මිය, දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරි මහත්ම මහත්මීන් පෙරපාසල් ගුරු මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය.
දිවුලපිටියේ අනාගත සන්නීවේදන පරපුරක් උදෙසා වන මාධ්‍ය වැඩමුළුව
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මකවන ළමා සමාජවල දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනය කිරිම උදෙසා අනාගත සන්නිවේදන පරපුරක් සඳහා මාධ්‍ය වැඩමුළුවක් 2025.09.14 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් හා යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ත්‍රිෂාන්ති කුලතිලක මිය විසින් සංවිධානය කරන ලදි. මෙම වැඩමුළුව සඳහා සිරස රූපවාහිණී ප්‍රවෘත්ති නිෂ්පාදක මොහාන් කහටපිටිය මහතා සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ ජාතික රූපවාහිණී සංස්ථාවේ දිවුලපිටිය ප්‍රාදේශීය තරුණ වාර්තාකරු, නිවේදක අයි.එම්.වාසිත හර්ෂණ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
දරුවන් තුළ සන්නිවේදන කුසලතාවය දියුණු කිරිම තුළින් අනාගත දිවිය සාර්ථක කර ගැනීමට සහයෝගයක් ලබා දීමේ අරමුණු පෙරදැරිව පැවැත් වූ මෙම වැඩසටහන අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතය. සන්නීවේදනය පිළිබඳ න්‍යායාත්මකව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත මෙම වැඩසටහන සඳහා බප මිනු/ කටුවැල්ලේගම මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය පී. ඤාණෝභාෂි හිමි, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂාණී කරුණාරත්න මිය, දිවුලපිටිය ග්‍රාම නිලධාරි ආර්.ජේ. විජේසිංහ මයා සහ ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි නිලධාරින් ද සහභාගි විය.

මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන් බලගැන්වීම
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විවිධ ඛනිජ සම්පත් වලින් යුක්ත වන අතර ඒ ආශ්‍රීත විවිධ කර්මාන්ත රැසක ජනතාව නියැලි ඇත. මෙම කර්මාන්ත අතරින් මැටි ආශ්‍රීත ගඩොල්, උළු, මැටි වළං සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය තම ජීවන වෘත්තිය වශයෙන් කටයුතු කරන එහෙත් විවිධ ගැටළු වලට මුහුණදීම හේතුවෙන් එම කර්මාන්ත අඩාල වෙමින් පවතින අතර එහි නියැලෙන වෘත්තිකයන් ද ඉන් බැහැර වෙමින් සිටින බව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ අවධානයට යොමු කෙරිණි.
මැටි ආශ්‍රිතව විවිධ නිෂ්පාදනවල නියැලෙන කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ රැස්වීමක් 2025.09.20 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අදාළ ආයතන හා පාර්ශව සම්බන්ධ කර ගනිමින් පවත්වන ලදි. දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විශේෂ මැදිහත්වීම මත දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් මත සැළසුම් අධ්‍යක්ෂිකා ආර්.පී.සෝමලතා මහත්මිය ඇතුළු නිලධාරි කණ්ඩායම විසින් මෙම විශේෂ රැස්වීම සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන සඳහා මැටි කර්මාන්ත පිළිබඳ ප්‍රවීණ හා හසල දැනුමකින් යුක්ත ව්‍යවසාය උපදේශකත්වය අජිත් පෙරේරා මහතා විසින් ලබා දෙන ලදි. මෙම වැඩසටහනේදී මැටී ආශ්‍රීත කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් වු අතර එහිදි ගැටළු සඳහා විවිධ යෝජනා පහසුකම් ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන ලදි. මැටි කර්මාන්තකරුවන්ගේ වසම් මට්ටමින් සමිති පිහිටුවීමට යෝජනා කළ අතර මාසිකව ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මැටි නිෂ්පාදනකරුවන්ගේ සංවිධානයක් ආරම්භ කිරිමටත්, එමගින් මාසික ප්‍රගතිය ඇසුරින් ගැටළු විසඳුම් ඉදිරිපත් කර විසදා ගැනීමට තීරණය කෙරිණි.
මෙම විශේෂ රැස්වීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, විවිධ රාජ්‍ය ආයතන නිලධාරින් ඇතුළු 150කට අධීක පිරිසක් සහභාගි විය. දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති නීතිඥ කැලුම් විකුම් තිලක මහතා, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින්, බැංකු කළමණාකරුවන්, ජාතික ශිල්ප සභාවේ නිලධාරින් සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරින් ද සහභාගි විය.

A series of Poson celebration programs at the Divulapitiya Divisional Secretariat
To mark this year's Poson Poya, a number of religious and cultural programs were held at the Divulapitiya Divisional Secretariat premises under the patronage of the Divisional Secretary, Mrs. W.W.M.D. Kumari.
A soup Dansala organized by the Social Services Division of the Divulapitiya Divisional Office, Swashatki, an organization comprised of people with disabilities/special needs, was held in front of the Divisional Secretariat premises on June 06, 2025. "Furthermore, alms, precepts, meditation programs, Poson lantern competitions, and many religious and cultural programs were held for them at the Priyadarshanaramaya Temple in Pinnakele."
A Poson devotional program organized by the Buddhist Affairs Division of the Divulapitiya Divisional Secretariat was held on 09 June 2025 at the Divisional Secretariat with the participation of the office staff.
Venerable Dorawe Gnanarathana Thero, Honorary Secretary of the Divulapitiya Shasanarakshaka Bala Mandala, and Venerable Kaluaggala Saranasiri Thero, Buddhist Affairs Coordinator of the Minuwangoda Divisional Secretariat, participated in these programs.















