දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කළුමඩ ග්‍රාම නිලධාරී වසමට නව පුස්තකාලයක්
 
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුමඩ ග්‍රාම නිලධාරී වසමෙහි කළුමඩ සුමිතුරු ළමා පුස්තකාල නමින් නව පුස්තකාලයක් විවෘත කිරීම පසුගියදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
බෝධියංගනාරාම විහාරස්ථානයේ පූජ්‍ය පන්නල ධම්මදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය මධ්‍යයේ කළුමඩ පොදු ගොඩනැගිල්ලේ දී මෙම පුස්තකාලය විවෘත කෙරිණි.
ප්‍රදේශයේ දරු දැරියන් මෙන්ම වැඩිහිටියන් තුළ කියවීමේ රුචිය වර්ධනය කිරීමත් නිර්මාණශීලී චින්තනය අවදි කිරීමත් මූලික පරමාර්ථය කර ගනිමින් ආරම්භ කරන ලද මෙම නව පුස්තකාලයට විවිධ විෂයන් යටතේ ලියැවුණු පොත් පත් පරිත්‍යාගය කිරීම ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රාහක දායකත්වයෙන් සිදු කරන ලදී. 
මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ආර් පී. සෝමලතා මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී වසන්ත කත්තොට මහතා, පොලිස් නිලධාරීන්, කළුවල ග්‍රාමීය කමිටු නිලධාරීන් සහ කලුමඩ ග්‍රාමයේ දෙමාපියන් සහ දරු දැරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
  
       1PHOTO         2 PH       
 
 
        4       3

News & Events

02
Sep2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
Jul2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top