දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දරුවන් පාසල් ගත කිරිම සදහා වන නැණ අරුණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2025.05.24
දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දරුවන් පාසල් ගත කිරිම සදහා වන නැණ අරුණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය පසුගිය (24 දා) දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවැත්වුණි.
දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ අරමුණින් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ක්‍රිෂාන්ති කුලතිලක මහත්මිය ඇතුළු ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලදී.
















