මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන් බලගැන්වීම

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විවිධ ඛනිජ සම්පත් වලින් යුක්ත වන අතර ඒ ආශ්‍රීත විවිධ කර්මාන්ත රැසක ජනතාව නියැලි ඇත. මෙම කර්මාන්ත අතරින් මැටි ආශ්‍රීත ගඩොල්, උළු, මැටි වළං සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය තම ජීවන වෘත්තිය වශයෙන් කටයුතු කරන එහෙත් විවිධ ගැටළු වලට මුහුණදීම හේතුවෙන් එම කර්මාන්ත අඩාල වෙමින් පවතින අතර එහි නියැලෙන වෘත්තිකයන් ද ඉන් බැහැර වෙමින් සිටින බව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ අවධානයට යොමු කෙරිණි.

මැටි ආශ්‍රිතව විවිධ නිෂ්පාදනවල නියැලෙන කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ රැස්වීමක් 2025.09.20 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අදාළ ආයතන හා පාර්ශව සම්බන්ධ කර ගනිමින් පවත්වන ලදි. දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විශේෂ මැදිහත්වීම මත දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් මත සැළසුම් අධ්‍යක්ෂිකා ආර්.පී.සෝමලතා මහත්මිය ඇතුළු නිලධාරි කණ්ඩායම විසින් මෙම විශේෂ රැස්වීම සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන සඳහා මැටි කර්මාන්ත පිළිබඳ ප්‍රවීණ හා හසල දැනුමකින් යුක්ත ව්‍යවසාය උපදේශකත්වය අජිත් පෙරේරා මහතා විසින් ලබා දෙන ලදි. මෙම වැඩසටහනේදී මැටී ආශ්‍රීත කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් වු අතර එහිදි ගැටළු සඳහා විවිධ යෝජනා පහසුකම් ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන ලදි. මැටි කර්මාන්තකරුවන්ගේ වසම් මට්ටමින් සමිති පිහිටුවීමට යෝජනා කළ අතර මාසිකව ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මැටි නිෂ්පාදනකරුවන්ගේ සංවිධානයක් ආරම්භ කිරිමටත්, එමගින් මාසික ප්‍රගතිය ඇසුරින් ගැටළු විසඳුම් ඉදිරිපත් කර විසදා ගැනීමට තීරණය කෙරිණි.

මෙම විශේෂ රැස්වීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, විවිධ රාජ්‍ය ආයතන නිලධාරින් ඇතුළු 150කට අධීක පිරිසක් සහභාගි විය. දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති නීතිඥ කැලුම් විකුම් තිලක මහතා, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින්, බැංකු කළමණාකරුවන්, ජාතික ශිල්ප සභාවේ නිලධාරින් සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරින් ද සහභාගි විය.

1         2           3        4    

 

7             5                 8     

 

 9    WhatsApp Image 2025 09 25 at 13.43.23

News & Events

02
Sep2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
Jul2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top