දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පොසොන් සැමරුම් වැඩසටහන් රැසක්..............

මෙවර පොසොන් පොහොය නිමිති කරගනිමින් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩී.කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්විණි.

දිවුලපිටිය ප්‍රාදේශීය කාර්යාලයේ සමාජ සේවා අංශය ආබාධිත / විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ස්වශත්කි සංවිධානය මගින් සංවිධානය කරන ලද සුප් දන්සැලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටදී 2025 ජූනි 06 දින පවත්වන ලදී. තවද ඔවුන් වෙනුවෙන් දාන , සීල , භාවනා වැඩසටහන් සහ පොසොන් කූඩු තරග හා ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් පින්නකැලේ ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කෙරිණි.

   දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කර ලද පොසොන් බැති ගී වැඩසටහනක් 2025 ජූනි මස 09 දින කාර්යාල නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පවත්වන ලදී.

මෙම වැඩසටහන් සඳහා දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධීකාරි, පුජ්‍ය දොරෙව්වේ ඥාණරතන ස්වාමින් වහන්සේ , මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය කලුඅග්ගල සරණසිරි ස්වාමින්වහන්සේ සහභාගී වුහ.  

1  2   3  

   6  7  8

News & Events

02
සැප්2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ජූලි2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top