ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Children's Day
"සතුටු ළමා ලෝකය " සෞන්දර්යාත්මක වැඩමුළුව
ලෝක ළමා දිනය වෙනුවෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් 63ක දරුවන් 1400 වෙනුවෙන් "සතුටු ළමා ලෝකය " සෞන්දර්යාත්මක වැඩමුළුව 2025.10.01 දින දිවුලපිටියේ සෙනුරි ග්‍රැන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේදී පවත්වන ලදි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත පෙර පාසල් ගුරු එකමුතුව හා ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි වසන්තා නිල්මිණී මිය සහ ළමා ඒකකයේ නිලධාරින්ගේ සෘජු දායකත්වය මත දිවුලපිටියේ සෙනුරි ග්‍රැන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාධීපති නාලක දේශප්‍රිය මහතාගේ අනුග්‍රහය තුළින් මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරිණි.
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය, සංගීත විශාරද නයනා දමයන්ති මහත්මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මරදගහමුල මහජන බැංකුව මගින් දරුවන් කුඩා කළ සිටම ඉතිරි කිරිම් සඳහා පුරුදු කරවීමට කැට ලබා දෙන ලදි. දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එම්.ජේ.විකුම් තිලක මහතා, දිස්ත්‍රික් මුල්ළමාවිය සංවර්ධන නිලධාරි අචලා ජයසිංහ මහත්මිය, දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරි මහත්ම මහත්මීන් පෙරපාසල් ගුරු මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය.
පොසොන් සැමරුම් වැඩසටහන්
දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පොසොන් සැමරුම් වැඩසටහන් රැසක්..............
මෙවර පොසොන් පොහොය නිමිති කරගනිමින් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩී.කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්විණි.
දිවුලපිටිය ප්‍රාදේශීය කාර්යාලයේ සමාජ සේවා අංශය ආබාධිත / විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ස්වශත්කි සංවිධානය මගින් සංවිධානය කරන ලද සුප් දන්සැලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටදී 2025 ජූනි 06 දින පවත්වන ලදී. තවද ඔවුන් වෙනුවෙන් දාන , සීල , භාවනා වැඩසටහන් සහ පොසොන් කූඩු තරග හා ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් පින්නකැලේ ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කෙරිණි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කර ලද පොසොන් බැති ගී වැඩසටහනක් 2025 ජූනි මස 09 දින කාර්යාල නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පවත්වන ලදී.
මෙම වැඩසටහන් සඳහා දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධීකාරි, පුජ්‍ය දොරෙව්වේ ඥාණරතන ස්වාමින් වහන්සේ , මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය කලුඅග්ගල සරණසිරි ස්වාමින්වහන්සේ සහභාගී වුහ.

සංවර්ධන අවශ්‍යතා
2024 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා
1. ගොවිජන සේවා බලධාරීත්වයෙන් කරන ඇළවේලි, අමුණු, පුරන් කුඹුරු අස්වැද්දීම, ට්‍රැක්ටර් පැන්නුම් ඉදිකිරීම.
2. ග්‍රාම නිලධාරී වසම් වල තවදුරටත් සංවර්ධනය කලයුතු මාර්ග පැවතීම. (පැතිබැමි, බෝක්කු සහිතව)
3. පරිසර හිතකාමි ප්‍රදේශයක් ඇතිකිරීම සඳහා පරිසර තිරසර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
4. ප්‍රාදේශීය ඉංජිනේරු හා කලාප අධ්‍යාපන අධ්යක්ෂ බලධාරීන් මගින් ක්‍රියාත්මක කරන පාසල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
5. වනජීවි දෙපාර්තමේන්තුව මගින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට අදාලව ව්‍යාපෘති වලට වන සතුන්ගෙන් වන හානි අවම කරගැනීම සඳහා මැදිහත්වීම.
6. ප්‍රාදේශීය ලේකම් බලධාරීත්වයෙන් ක්‍රියාත්මක වන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති හා සේවා පියස් ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.




















