"සතුටු ළමා ලෝකය " සෞන්දර්යාත්මක වැඩමුළුව

ලෝක ළමා දිනය වෙනුවෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පෙර පාසල් 63ක දරුවන් 1400 වෙනුවෙන් "සතුටු ළමා ලෝකය " සෞන්දර්යාත්මක වැඩමුළුව 2025.10.01 දින දිවුලපිටියේ සෙනුරි ග්‍රැන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේදී පවත්වන ලදි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත පෙර පාසල් ගුරු එකමුතුව හා ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි වසන්තා නිල්මිණී මිය සහ ළමා ඒකකයේ නිලධාරින්ගේ සෘජු දායකත්වය මත  දිවුලපිටියේ සෙනුරි ග්‍රැන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාධීපති නාලක දේශප්‍රිය මහතාගේ අනුග්‍රහය තුළින් මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරිණි.

ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය, සංගීත විශාරද  නයනා දමයන්ති මහත්මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මරදගහමුල මහජන බැංකුව මගින් දරුවන් කුඩා කළ සිටම ඉතිරි කිරිම් සඳහා පුරුදු කරවීමට කැට ලබා දෙන ලදි. දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ  ගරු සභාපති එම්.ජේ.විකුම් තිලක මහතා, දිස්ත්‍රික් මුල්ළමාවිය සංවර්ධන නිලධාරි අචලා ජයසිංහ මහත්මිය, දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරි මහත්ම මහත්මීන් පෙරපාසල් ගුරු මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය.

 

1             2       3      4             6     

 

   7            

News & Events

02
සැප්2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ජූලි2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top