දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දැක්ම
කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා හැකියාවෙන් හැදියාවෙන් පෙරටම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සම්පත් කළමණාකරනය කරමින් වඩා ඵලදායි සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් ප්‍රදේශයේ ජන ජිවිතය නංවාලීම
අගයන්
- සේවාලාභී සංතෘප්තිය
- සහකම්පන සවන්දීම
- සමානාත්මතාවය අගය කිරීම
- කණ්ඩායම් හැඟීමෙන් යුක්ත වීම
- දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ වීම
- දැනුම හුවමාරුව
අරමුණු
- 2024 වර්ෂයෙහි ලංකාවේ හොදම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම
- කාර්යක්ෂම හා ගුණාත්මක මහජන සේවයක් ලබාදීම
- ප්‍රදේශයේ සමාජ ආර්ථික පසුබිම වැඩිදියුණු කිරීම
- ප්‍රදේශයේ පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම හා ඒවා මනා ලෙස කළමණාකරණය කිරීම
- නාස්තිය වලක්වමින් සම්පත් අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම
ඩබ්.ඩබ්.එම්.ඩී. කුමාරි
ප්‍රාදේශීය ලේකම්
දුරකථන : 0312246325
කාර්යාල සංකේතය : 0009
බිම් ප්‍රමාණය : වර්ග කි.මී. 202.2
ග්‍රාම නිලධාරී කොට්ඨාශ : 123
ජනගහනය : 162850
පවුල් සංඛ්‍යාව : 47208
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොලොන්නරු යුගයන් සැලකීමේදී "දිවුලපිටිය ප්‍රදේශය" පහත රට තෙත් කලාපයට අයත් ජන ශූණය ඝන වනාන්තර වලින් ගහන ශුෂ්ක ප්‍රදේශයක් ලෙස දැක්වේ. මෙම ප්‍රදේශය ඉපැරණි බෙදීම් වලට අනුව "මායා රට"ට අයත් විය.
අනුරාධපුර හෝ පොලොන්නරු යුග හෝ ඊටතේ ඉහත කාලයට අයත් පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් සොයාගත් බව වාර්තා නොවුවද දියගම්පල ප්‍රදේශයේ බ්රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති බවට සැකකල හැකි සෙල්ලිපියක් හමුවී ඇත. එහි අඩංගු කරුණු මේ වනතෙක් හදුනාගෙන නැත. අනුරාධපුර යුගයේ වලගම්බා රජු මෙම කොට්ටාශයේ එරබද්ද විහාරය, බෝමළුව විහාරය, අළුතෑපොල විහාරය ආදී තැන්වල සැගවී සිටි බව ජනප්‍රවාද වල සඳහන් වේ. ගජබා රජු සමයේ නීලමහා යෝධයන් විසින් මා ඔය හරස්කොට "යකාබැදි වේල්ල" නැමැති වේල්ලක් බැද මාකදුර ප්‍රදේශයට ජලය ලබාගත් බවක්ද ජනප්රවාදයේ පවතියි. නමුත් මෙම කරුණු සනාථ කිරීමට නිශ්චිත සාධක නොමැත. මා ඔයේ අඩි 15 ප්‍රමාණයකට පස් තට්ටුවේ තිබී හමුවූ මැටි බදුන් කිහිපයක් දැනට ගෝඨයිම්බර දේවාලයේ තැන්පත් කර ඇත. මෙහි අදහස නම් මා ඔය නිම්නයේ ඈත අතීතයේදී ජනාවාස පැවති බවයි. දිවුලපිටිය හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් වන මා ඔය සීමාවේ තිබී ලී ඔරුවක්ද හමු වී ඇත. එය දැනට මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තැන්පත් කර ඇත. එයද හමුවී ඇත්තේ මා ඔයේ අඩි 15ක් පමණ යට පස් තට්ටුවෙනි. මෙයින්ද ඈත අතීතයේ ජනාවාස පැවැති බව පැහැදිලි වේ. එහෙත් හමු වී ඇති පුරා විද්‍යාත්මක සාධක පිලිබඳව නිසි පරීක්ෂණයක් තවමත් සිදුකර නොමැති බැවින් ජනාවාස පැවතියේ කුමන යුගයකද යන්න තහවුරු කරගත නොහැකි වී ඇත.
1971 දී දිවුලපිටිය ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශය බිහිවූයේද එවකට සිටි දිවුලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම අනුවය. එසේම දූනගහ තිබූ පොලීසිය දිවුලපිටියට ගෙන එන ලදී. දිවුලපිටිය ලංගම බස් ඩිපෝවක්, විදුලිබල මණ්ඩලයක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයෙක්, පශු වෛද්‍ය කාර්යාලයක්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වරයෙක්,ප්‍රාදේශීය සභාවක්, ගොවිජන සේවා මධ්‍යස්ථාන තුනක්, විවිධ සේවා සමූපකාර සමිති තුනක් ආදී නවාංග ඉන්පසු ලැබිණ. 1971 වර්ෂයේ ආරම්භකල ප්‍රාදේශීය ආදායම් නිලධාරී වරයා වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ එම්.එස්ද සිල්වා මහතාය. ප්‍රථම මන්ත්‍රී වරයා වූයේ අභාවප්‍රාප්ත පර්සි ජයකොඩි මැතිතුමාය.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලික දත්ත
පලාත් : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
මැතිවරණ කොට්ඨාශය : 02-ගම්පහ
මැතිවරණ බල ප්‍රදේශය : "ඈ" - දිවුලපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : දිවුලපිටිය
ලිපිනය :ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -දිවුලපිටිය
දුරකථන අංක : 031-2246325, 031-2246389, 033-2247105
ෆැක්ස් අංකය : 031-2246238, 031-2247105
පළාත් පාලන ආයතනය : දිවුලපිටිය ප්‍රාදේශීය සභාව
කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය : වර්ග කි.මි.202.2
ග්‍රාම නිලධාරී කොට්ඨාශ : 123
ගම් සංඛ්‍යාව : 227
ජනගහනය : 153383
පවුල් ගණන - 43014
සේවය කළ ප්‍රාදේශීය ලේකම් වරුන්
|
නම |
තනතුර |
|
ධර්ම හේවා මද්දුම |
ප්‍රා.ආ.නි. |
|
එම්.එස්.ද සිල්වා |
ප්‍රා.ආ.නි. |
|
ආර්.ඩබ්.පියසේන |
ප්‍රා.උපදිසාපති |
|
පියසේන රාජකරුණා |
ප්‍රා.උප දිසාපති |
|
ඩබ්.ඒ.ඩී.ඩී.කැලිස්ටස් |
ප්‍රාදේශීය ලේකම් |
|
සුරවීර මන්ත්රීරත්න |
ප්‍රාදේශීය ලේකම් |
|
කේ.ආර්.එල්.විජේවර්ධන |
ප්‍රාදේශීය ලේකම් |
|
ඩී.එම්.කේ.වී.ජයකොඩි |
ප්‍රාදේශීය ලේකම් |
|
යූ.ඒ.එස්.පෙරේරා |
ප්‍රාදේශීය ලේකම් |
|
තමරා ඩී.පෙරේරා |
ප්‍රාදේශීය ලේකම් |
|
ආර්.පී.දයාරත්න |
ප්‍රාදේශීය ලේකම් |
|
එම්.ක්‍රිස්ටි ලාල් පෙරේරා |
ප්‍රාදේශීය ලේකම් |
|
එච්.එම්.එල්.එස්.හේරත් |
ප්‍රාදේශීය ලේකම් |
|
යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා |
ප්‍රාදේශීය ලේකම් |














