ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා එල්ලේ තරගාවලියක්

ජාත්‍යන්තර කාන්තා දිනය -2026 ට සමගාමිව දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිවුලපිටිය කාන්තා කාර්යාංශ බලමණ්ලය එක්ව සංවිධානය කළ එල්ලේ තරගාවලිය 2026.03.14 සෙනසුරාදා දින දිවුලපිටිය ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගනයේදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ප්‍රාදේශිය ලේකම්තුමියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය එල්ලේ කණ්ඩායමද ඇතුළුව වසම් නියෝජනය කරමින් කාන්තා එල්ලේ කණ්ඩායම් 18 ක් සහභාගි විය.

ඝූරතාවය කලුඅග්ගල කණ්ඩායමද අනුශූරතාවය බටහිර පල්ලියපිටිය කණ්ඩායම ද හිමිකරගත් අතර කාන්තා සංවිධානවල සමාජිකාවන්ගේ දක්ෂතා එළි දැක්වීමට මහගු අවස්ථාවක් මේ සමග උදාවිය.ත්‍යාග සදහා අනුග්‍රහය බඩල්ගම vario Systems Pvt.Ltd ආයතනය විසින් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ගරු කම්කරු අමාත්‍ය මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමා.පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මප්‍රිය විජේසිංහ මැතිතුමා ,දිවුලපිටිය ප්‍රාදේශිය සභා සභාපතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශිය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය පරිපාලන ග්‍රා.නි.තුමා, වනිතා කටයුතු නිලධාරිනිය ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සභාගී වූහ.  

1   2    4

4  5  6 1

6  7  8 

9  10 

News & Events

02
සැප්2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ජූලි2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top