වෛශාක්‍ය මංගල්‍යය -2026


2026 වසරේ වෙසක් මංගල්‍යය සමරනු වස් දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල 2 විහාරස්ථානවල වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේලා පනස්නමක වැඩම කොට වදාළ පිණ්ඩපාත චාරිකාව  2026.05.27 දින අලුයම දිවුලපිටිය නගරයේදී ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්විණි. බොහෝ සැදැහැති ජනතාව මග දෙපස වීදි අතර රැදෙමින් හිමිවරුන් වෙත දන් පිළිගැන්වීමට එක්වූහ. දිවුලපිටිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ඇරඹි මෙම පිණ්ඩපාත චාරිකාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය පරීශ්‍රය  දක්වා ගමන් ගත් අතර අවසානයේදී සග සතු දානමය මහා පිංකමක් සිදු කරන ලදී.


දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් කුමාරි මහත්මියගේ මගපෙන්වීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සංවිධානයෙන් සිදුකළ මේ පිංකමට දායක වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

2      1      3         

 4             3       6   

 6a     7       8   

 9      10             11a

12       13     14

 

 

 

News & Events

02
සැප්2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ජූලි2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top