දිවුලපිටියේ අනාගත සන්නීවේදන පරපුරක් උදෙසා වන මාධ්‍ය වැඩමුළුව
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මකවන ළමා සමාජවල දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනය කිරිම උදෙසා අනාගත සන්නිවේදන පරපුරක් සඳහා මාධ්‍ය වැඩමුළුවක් 2025.09.14 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ උපදෙස් හා යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ත්‍රිෂාන්ති කුලතිලක මිය විසින් සංවිධානය කරන ලදි. මෙම වැඩමුළුව සඳහා සිරස රූපවාහිණී ප්රවෘත්ති නිෂ්පාදක මොහාන් කහටපිටිය මහතා සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ ජාතික රූපවාහිණී සංස්ථාවේ දිවුලපිටිය ප්‍රාදේශීය තරුණ වාර්තාකරු, නිවේදක අයි.එම්.වාසිත හර්ෂණ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
දරුවන් තුළ සන්නිවේදන කුසලතාවය දියුණු කිරිම තුළින් අනාගත දිවිය සාර්ථක කර ගැනීමට සහයෝගයක් ලබා දීමේ අරමුණු පෙරදැරිව පැවැත් වූ මෙම වැඩසටහන අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතය. සන්නීවේදනය පිළිබඳ න්‍යායාත්මකව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත මෙම වැඩසටහන සඳහා බප මිනු/ කටුවැල්ලේගම මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය පී. ඤාණෝභාෂි හිමි, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂාණී කරුණාරත්න මිය, දිවුලපිටිය ග්‍රාම නිලධාරි ආර්.ජේ. විජේසිංහ මයා සහ ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි නිලධාරින් ද සහභාගි විය.

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පොසොන් සැමරුම් වැඩසටහන් රැසක්..............
මෙවර පොසොන් පොහොය නිමිති කරගනිමින් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩී.කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්විණි.
දිවුලපිටිය ප්‍රාදේශීය කාර්යාලයේ සමාජ සේවා අංශය ආබාධිත / විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ස්වශත්කි සංවිධානය මගින් සංවිධානය කරන ලද සුප් දන්සැලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටදී 2025 ජූනි 06 දින පවත්වන ලදී. තවද ඔවුන් වෙනුවෙන් දාන , සීල , භාවනා වැඩසටහන් සහ පොසොන් කූඩු තරග හා ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් පින්නකැලේ ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කෙරිණි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කර ලද පොසොන් බැති ගී වැඩසටහනක් 2025 ජූනි මස 09 දින කාර්යාල නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පවත්වන ලදී.
මෙම වැඩසටහන් සඳහා දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධීකාරි, පුජ්‍ය දොරෙව්වේ ඥාණරතන ස්වාමින් වහන්සේ , මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය කලුඅග්ගල සරණසිරි ස්වාමින්වහන්සේ සහභාගී වුහ.

"වියපත් අපට - සතුටු ලොවක්" යන්න තේමා කොට ගනිමින් "වියසරණිය" මැයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි ප්‍රජාව මුල් කොට ගනිමින් වැඩිහිටි සැමරුම් උත්සවයක් පසුගිය 24දා දිවුලපිටිය සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී වැඩිහිටියන් වෙනුවෙන් පැවති දිස්ත්‍රික් තරගවලින් ජයගත් ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග හා සහතිකපත් බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුව මගින් පිරිනමන ලද අතර සෑම වැඩිහිටි සමිතියක් වෙනුවෙන් ම ලිපි ද්‍රව්‍ය කට්ටලය බැගින් වැඩිහිටි බල මණ්ඩලය විසින් ප්රදානය කරන ලදී.
නැටුම්, ගැයුම් හා වැයුම්වලින් අලංකාරවත් වූ මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස දිවුලපිටිය සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝ උත්සව ශාලාවේ අධිපති නාලක දේශප්‍රිය මහතා හා එම මහත්මිය සහභාගි වූහ. මේ උත්සවය සංවිධානය කරන ලද්දේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරි සුනිමල් ද සිල්වා, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඉෂානි, සංවර්ධන නිලධාරී (බ.ප) තනූජා බාලසූරිය හා දිවුලපිටිය වැඩිහිටිබල මණ්ඩලය විසිනි.

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දරුවන් පාසල් ගත කිරිම සදහා වන නැණ අරුණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2025.05.24
දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දරුවන් පාසල් ගත කිරිම සදහා වන නැණ අරුණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය පසුගිය (24 දා) දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවැත්වුණි.
දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ අරමුණින් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ක්‍රිෂාන්ති කුලතිලක මහත්මිය ඇතුළු ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලදී.


දිවුලපිටිය ළමා පොකුර වැඩසටහනෙන් දරුවන්ට විවිධ ක්‍රියාකාරකම්
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා මගපෙන්වීම අනුව දරුවන් මුහුණ දෙන ගැටලු ප්‍රාථමික අවස්ථාවේදීම හඳුනාගෙන විසඳුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විඳගැනීමට අවැසි පරිසරය සියලු දරුවන්ට ලබා දීමේ අරමුණ ඇතිව ආරම්භ කොට ඇති "ළමා පොකුර " වැඩසටහන් මාලාව යටතේ දිවුලපිටිය ළමා පොකුර වැඩසටහන පසුගිය 27දා දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේදී පැවැත්විණි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය එක්ව සිටියාය.දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 74ක් ආවරණය වන පරිදි තෝරාගත් දරුවන් 146 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් ද සමගින් මෙම වැඩසටහනට සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය විසින් එම පිරිස ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.
සංගීතාත්මක රසාස්වාදන වැඩසටහනක් , චිත්‍ර මගින් චිකිත්සාවක් හා දරුවන්ගේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා හා නර්තනයන්ගෙන් රස මැවුණු සතුටු හෝරා කීපයක්, ඊට සමගාමීව දෙමාපියන් දැනුවත් කිරීමක් මෙම වැඩසටහනට අන්තර්ගත වූ අතර සහභාගී වූ සියලු දරුවන් සඳහා වටිනා තිළිණ පිළිගැන්වීම ද සිදුවිය .මේ සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද්දේ දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේ අධිපති රෝහිත ජයලත්, ජනහිත සමූහ ව්‍යාපාර අධිපති රංජිත් ගුණවර්ධන යන මහත්වරුන් සහ බඩල්ගම සීරියෝ ගාමන්ට් ආයතනය , දිවුලපිටිය ලංකා බැංකුව යන ආයතනයන් විසිනි.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි, සහකාර ප්‍රාදේශීය ලේකම් චාමරී සේනාරත්න යන මහත්මීන් ඇතුලු සියලුම මාණ්ඩලික නිලධාරීන් , කාන්තා හා ළමා සංවර්ධන ඒකකයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.















